මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.

(සුජිත් හේවාජුලිගේ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments