මිද්දෙනියෙන් ගොඩගත් සාම්පලවල පනතේ ඇති මත්ද‍්‍රව්‍ය කිසිවක් නෑ..- ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය

මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී ගොඩ ගන්නා ලද රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී ඇත.

ඒ බව එහි සාම්පල ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද පරීක්‍ෂණ වාර්තාවේ සදහන්ය.

අදාල වාර්තාව මේ වනවිට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.

2008 අංක 01 දරන මාදක සහ මනෝවර්ථක ඖෂධ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුති පනත සහ 2022 අංක 41 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය හෝ මනෝවර්ථක ඖෂධ ඒවායේ අඩංගු නොවන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික අධිකාරිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද වැඩිදුර සටහනක් තබමින් එම ඒකකය සඳහන් කර ඇත.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන රසායන ද්‍රව්‍ය තිබූ බහාලු‍ම් දෙකක් මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක තිබී පසුගිය දා ගොඩ ගන්නා ලදී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments