කෝටි 500ක දේපල තහනම් කරයි…

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට ආසන්න වත්කම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙම මුදල රුපියල් 4,529,781,238.41කි. මෙම වත්කම් අතරට දේශපාලනඥයන්ට අයත් දේපළද ඇතුළත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘අපරාධයකින් උපයාගත් දේපොළ අත්හිටුවීම පිළිබඳ පනත’ මගින් ලැබී ඇති බලතල අනුව, අපරාධකරුවන්ගේ වත්කම් පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙයි.

මෙම නව පනත යටතේ, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමට සහ අපරාධකරුවන්ගේ දේපොළ භාරකාරීත්වය සඳහා අධිකාරියක් ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත.

මේ සඳහා පොලිස් අධ්‍යක්ෂවරයෙකු ද පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments