ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4කට තහනමක් – ගැසට්ටුවකුත් නිකුත් වෙයි

ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ සඳහා මෙම තහනම පනවා තිබේ.

ඒ අනුව ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය කිරීම, මිල දී ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, භාරගැනීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම සහ අපනයනය කිරීම නොකළ යුතුය.

ඉහත සඳහන් නියෝග සජීවි මසුන් සඳහා පමණක් අදාළ වේ.

එසේම ජල පද්ධතිවලින් ආහාරය සඳහා මෙම මසුන් ඇල්ලීම 1998 අංක 53 දරණ පනතින් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාගෙන සිදුකළ හැකිය.

මෙම නියෝගයන් අනුව ‘ආණ්‍රමණශීලි මත්ස්‍ය විශේෂ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව පැතිරී යන විලෝපිත මත්ස්‍ය විශේෂයන් නිසාවෙන් බව ද අදාළ නියෝගයේ දැක්වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments