ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා.. ඒවා යලි හදනවා..- නලින්ද

රජයේ මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල යම් අඩුපාඩු පැවතිය හැකි යයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ පල කලේ ඇතැම් මැති ඇමතිවරුන් තම දේපළවල සත්‍ය වටිනාකම් සහ වැටුප් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමට තිබූ බවත්, යම් යම් වත්කම්වල වටිනාකම් සම්බන්ධයෙන් තිබිය හැකි අඩුපාඩු පසුව නිවැරදි කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.

“මෙවර ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්. ඒවා නිවැරදිකර ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ට ඉදිරිපත් කළ හැකි සියලු වත්කම් පිළිබද ලේඛනගත කර තිබෙනවා. ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්.

වඩා වැදගත් දේ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක. දැන් ඔබට බලාගන්න පුලුවන් ඒ වත්කම්වලට අදාළ වර්තමාන වෙළෙදපොළ වටිනාකම් කීයද කියලා. සමහර ඉඩම් මීට අවුරුදු දහය පහළොවකට කලින් ලැබුණු ඒවා හරි ගත්ත ඒවා හරි. ඒවායේ වර්තමාන මූල්‍ය වෙළෙදපොළ වටිනාකම් තක්සේරු කළ යුතුයි. ඒවා නිවරදි කරගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි අමාත්‍යවරු සහ රජය නියෝජනය කරන දේශපාලඥයින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරලා හෙළිදරව් කරන එක”

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments