වහාම ක්‍රියාත්මක වන පරිදි USAC සාමාජිකත්වය අත්හිටුවීමට ICCයෙන් තීරණයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

USACහි අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැත.

ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, “නිදහස් හා සාධාරණ මැතිවරණ” පැවැත්වීමට සහ “පුළුල්” පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණි.

ඉන් මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර තිබේ. 

ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය USAC වෙත අනතුරු ඇඟවීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments