ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කල අඹුසැමි යුවල අත්අඩංගුවට..

ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් ස්ථාන වන තබා යන අඹුසැමි යුවලක් (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන අඹුසැමි යුවලක් යතුරු පැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල  අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතාට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළදී ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 ( ග්රෑම් 35ක් ) තිබි සොයා ගත් බවයි පොලිසිය කියා සිටියේ.

ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 පැකට් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල තිබි සොයා ගත් බවත්, එක් අයිස් පැකට්ටුවක් රු.7000ක් වැනි මුදලකට අලෙවි කරන බවයි දැනට කරන ලද මූලික විමර්ෂනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකාර අඹුසැමි යුවල ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23-27 ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම අඹු සැමියුවල ඩුබායි තාරු නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට ප්‍රදේශය පුරා බෙදා හරින බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත (26) දින ඉදිරිපත් කිරිමට නියමිතයව තිබිණ.

ගම්පොළ කොට්ඨාශභාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ සහ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතුන්ගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විමර්ෂණ කටයුතු සිදු කරයි.

– රංජිත් රාජපක්ෂ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments