O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද (09) දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකිය.

ක්ෂණික ඇමතුම් අංකය – 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208, 0112784537, 0112785922

ෆැක්ස් අංකය –  0112784422

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments