පාඨලීට වන්දි ගෙවන්න රන්ජන් ජයලාල්ට නියෝග

තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ඊයේ(10) ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බවත් අගතියට පත් පාඨලි චම්පික රණවක මහතාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත් කොළඹ දිසා අධිකරණය රන්ජන් ජයලාල් මහතාට නියෝග කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments