අධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා…- ලක්මාලි

අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී ඇය මේ බව පැවසුවාය.

තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව පැවසුවාය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments