බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බව පොලීසිය පැවසීය.

පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.

ඒ හේතුවෙන් එම ජේලර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.

සැකකරු ජේලර්වරයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments