රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ඊයේ (17) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභාවල ගිනිනිවීමේ ඒකකවල සහාය ද ලැබී ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

