ඇමරිකාවත් එපා කී LGBTQ ප්‍රවර්ධනයට ආණ්ඩුව අනුබල දෙනවා…

ඇමරිකාවේ කලකට පෙර දැකගත හැකි වූ විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය මේ වන විට ලංකාවේ සිදුවෙමින් ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ආචාර්ය ජයසුමන ප්‍රකාශ කරන්නේ මෙයට පෙර ද ලංකාවේ මෙවැනි ප්‍රවර්ධනයන් සිදුවුව ද එවක පැවති ආණ්ඩු මැදිහත්ව ඒවා යටපත් කළ බවයි.

කෙසේ වුව ද වත්මන් ආණ්ඩුව ඊට එරෙහි නොවෙමින් ඒවා ප්‍රවර්ධනයට අනුබල දෙමින් ඇති බවට ද ඔහු චෝදනා කරයි.

එය ඇමරිකානු සංස්කෘතියට වසංගතයක් වූ බවත් අවසානයේ එම ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා එරට ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්කරගත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

විවිධ ලිංගික දිශානතීන් ඉතිහාසය පුරා පැවතිය ද එය ප්‍රවර්ධනය නොකළ බවත් මෙම ප්‍රවර්ධනය පිටුපස සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමේ සහ ඖෂධ ජාවාරම්කරුවන්ගේ අභිලාෂ ඇති බවත් ආචාර්ය ජයසුමන සඳහන් කරයි.

සර්වජන බලය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments