Ceylon Times

Challenging Ideology

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ සමත් විය.

තෙවන ස්ථානය වෙනුවෙන් පැවති තීරණාත්මක තරගයෙන් චීනය 19 -14ක් ලෙස පරාජය කර ඔවුන් මෙම අවස්ථාව උදාකර ගත්තේය.

අවසන් පූර්ව වටය දක්වා අපරාජිතම පැමිණි ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 – 15ක් ලෙස පරාජයවීම හේතුවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවිය.

මෙම තරගාවලිය කොළඹ තුරගතරග පිටියේ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *