‘විකෘති ආදර’ විවාහවලින් 35%ක් දික්කසාද වෙනවා

වර්තමානයේ තරුණ තරුණියන් අතර පවතින “විකෘති ආදරය” හේතුවෙන් විවාහ ගිවිසගන්නා අයගෙන් සියයට 35ක් දික්කසාද වන බව ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල පවසයි.

එමෙන්ම මේ රටේ තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වෙමින් ඇති මත්ද්‍රව්‍ය ජාලය “බූවල්ලෙක්” සේ ක්‍රියාකරමින්, තරුණ පරම්පරාව බිලිගනිමින් සහ අයිස් කම්හල් දක්වා වර්ධනය වෙමින් පැවතීම, අපේ උරුමයට බරපතළ බලපෑමක් එල්ල කර ඇති බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

මාතලේ නාඋලදී පැවති යොවුන් කඳවුරකදී එලෙස අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා,දේශපාලන මතිමතාන්තරවලින් තොරව නිවැරදි මග පෙන්වීම ලබා දීමට ජාතික යොවුන් සේනාංකය සූදානම් බවද පැවසීය.

“මේ ගමන හරියට නොගියොත් රට පමණක් නොවෙයි ඔබත්, පවුලත්, සමාජයත් බරපතළ ඛේදනීය විනාශයට පත්වන බව අමතක නොකරන්න” යැයි ඔහු තරුණ ප්‍රජාවට අවධාරණය කළේය.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම ආරම්භ කළ බවත්, රටපුරා සියලුම තරුණ තරුණියන් හමුවී නිවැරදි මග පෙන්වීම කිරීමට යොවුන් සේනාංකය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය. රටට ආදරය කරන, විනය හා පෞරුෂත්වයෙන් පිරුණු දේශප්‍රේමීන් බිහිකිරීම සිය අරමුණ බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

වයස අවුරුදු 16-28 අතර මිලියන 5.8ක් වන මෙරට තරුණ ජවය, අනාගත රට ඉල්ලන ජව සම්පන්න පිරිසක් බවට පත්කිරීම යොවුන් සේනාංකයේ ප්‍රධාන අරමුණයි.

මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් තරුණ තරුණියන් 250 දෙනෙකුගේ සහභාගිත්වයෙන් නාඋල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පැවති දෙදින (ඔක්තෝබර් 18-19) යොවුන් කඳවුරේදී අධ්‍යක්ෂවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සුනිල් රූපසිංහ – පල්ලේපොළ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments