පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments