කටුපොල් වගාවට අනුමැතිය දීම ගැන රජයේ අවධානය

ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරිණි. ඒ අනුව දැනට වගාකර තිබෙන කටුපොල් වගාව වසරකට සියයට දහය (10%) බැගින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.

වැවිලි සමාගම් විසින් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ.

කටුපොල් මෙරට වගා කිරීම සුදුසුද නැතිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේදී විද්වත් කමිටුවක් පත් කරන ලදි. එම කමිටුව පත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය.

ඊට අදාළ සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කමිටුව සඳහා නියෝජිතයන් පත්කර ඇත. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

වැවිලි අමාත්‍යාංශය විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ කටුපොල් වගාව සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් කමිටුවේ තීරණය පරිදි ඉදිරි කටයුතු සිදු කරන බවත්ය. ඒ අනුව අදාළ කමිටුවේ තීරණය ලැබී ඇතැයිද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය. තවද යම් යම් කොන්දේසි මත කටුපොල් වගා කිරීම සුදුසු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය. මෙම කමිටු වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

සාලිය කුමාර ගුණසේකර

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments