මෙක්සිකෝවේ දැවැන්ත විරෝධතා

මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Gen Z පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

කෙසේ නමුත් එම විරෝධතා සඳහා විවිධ වයස්වල පසුවන්නන් සහභාගී වී ඇති අතර ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව වටා ඇති වැටවල් කඩා දමමින් සිය විරෝධතා දක්වා තිබේ.

එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ කැරළි මර්දන යොදවා ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද නිර්මාණය වී ඇත.

සිද්ධියෙන් පුද්ගලයින් 40 දෙනෙකු ඇතුළුව පොලිස් නිලදාරීන් 100 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිවිල් වැසියන් 20 දෙනෙකුද තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.

එමෙන්ම පුද්ගලයින් 20 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments