උන්ගේ පක්ෂයට අති විශිෂ්ට දිනුමක්

උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් පත් කර ගැනීම සඳහා, පැවැති මැතිවරණයෙන් නායක කිම් ජොන් උන්ගේ කම්කරු පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ එක් වී සියයට 99.93 කට වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.

මැතිවරණය පැවැත්වූයේ පසුගිය 15 වැනිදාය. උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වුණු 15 වැනි මැතිවරණය මෙය යැයි ද පැවැසෙයි.

උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණ පැවැත්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ පැවැත්වෙන ආකාරයට නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සෑම ආසනයක් සඳහාම ඉදිරිපත් වීමට හැකියාව ඇත්තේ එක් අපේක්ෂකයකුටට පමණි. මෙම අපේකෂකයා කවුරුන්දැයි පාලක කම්කරු පක්ෂය කල්තියා තීරණය කරයි.

අවුරුදු 17 ට වැඩි සියලුම පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. එබැවින්, මෙතෙක් පැවැති සෑම මැතිවරණයකදීම සියයට 99 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙයි.

ඡන්දදායකයන්ට ලැබෙන්නේ අපේක්ෂකයාගේ නම සහිත ඡන්ද පත්‍රිකාවකි. පක්ෂ නම් කිසිවක් සලකුණු නොකර එහ පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමිය යුතුය. විරුද්ධ වන්නේ නම්, අපේක්ෂකයාගෙ නම මත ඉරක් ඇඳිය යුතු වුවත්, එය රහසිගතව සිදු කිරීමට අවස්ථාවක් නොමැති තරම් බැවින් ප්‍රායෝගිකව විරුද්ධ වීම ඉතා අවදානම් සහගත යැයි බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments