24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාතාල මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල විශාල වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළේය.

රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පැවසීය.
 

Related posts

බිත්තර මිල හොදටම අඩුවේ..

IndusaraMedia

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

IndusaraMedia

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

IndusaraMedia

පුංචි ආණ්ඩු 46ක සියයට 25 ක කාන්තා නියෝජනය නෑ

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

Leave a Comment