23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක් 

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී එම සමාගම විසින් ගෝලීය වශයෙන් රැකියා කප්පාදු කිරීම් 9,000ක් සිදුකළ අතර මෙම නවතම කප්පාදු කිරීමත් සමග එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මුළු සේවක ඉවත් කිරීම 20,000කට ආසන්න අගයක් ගන්නා අතර එය එහි ශ්‍රම බලකායෙන් 15%ක අගයකි.

නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරනු ලබයි.

චීනයේ ප්‍රතිවාදි සමාගම්වල තරගකාරීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නිසාන් සමාගම සහ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හොන්ඩා සමාගම සමග එක්ව ඔවුන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණි. 

එහෙත් ඒ සඳහා වූ සාකච්ඡා බිඳ වැටී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ එම සමාගම් දෙක බිලියන ගණනක ගිවිසුමකට එකඟ නොවීම හේතුවෙනි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මෙම ඒකාබද්ධ කිරීම සිදු වූයේ නම් ඩොලර් බිලියන 60ක මෝටර් රථ කර්මාන්ත දැවැන්තයෙකු නිර්මාණය වීමට ඉඩ තිබූ අතර එය ටොයොටා, වොක්ස්වැගන් සහ හුන්ඩායිවලට පසු වාහන අලෙවියෙන් ලොව සිව්වන විශාලතම සමාගම වනු ඇති බවත්ය.

එමෙන්ම සමාගම් දෙක අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එවකට නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ මකෝටෝ උචිඩා වෙනුවට එම සමාගමේ ප්‍රධාන සැලසුම් නිලධාරියා සහ එහි මෝටර් රථ ක්‍රීඩා අංශයේ ප්‍රධානියා වූ අයිවන් එස්පිනෝසා පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් සමාගමට තවදුරටත් පීඩනයක් එල්ල වී ඇති අතර ඒ සමග නිසාන් සමාගම වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක පාඩුවක් වාර්තා කර ඇති බවත් සඳහන් වේ.

Related posts

පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

IndusaraMedia

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

IndusaraMedia

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

IndusaraMedia

මීමුරේට එන්න එපා

IndusaraMedia

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

IndusaraMedia

ටෙහෙරාන් නුවර පිපිරීම් කිහිපයක්

IndusaraMedia

Leave a Comment