24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ගම්මන්පිල සී.අයි.ඩීයෙන් පිටව යයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

ප්‍රශ්න ගත ආනයන බහාලුම් නිදහස් කිරීමේ ගැටලුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

Related posts

රුසියානු තානාපති කාර්යාලය භීතියට පත් කළ තරුණිය චීනෙට පනින්න යද්දී කොටුවෙයි

IndusaraMedia

කොට්ටාවේ නිවසක ගින්නෙන් තරුණියක් මරුට

IndusaraMedia

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

IndusaraMedia

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

IndusaraMedia

“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

IndusaraMedia

ප්‍රා.ලේ. වටලා විරෝධතා… පොලිසිය සහ උද්ගෝෂකයන් අතර නොසන්සුන්තාවයක්..

IndusaraMedia

Leave a Comment