24.3 C
New York
July 7, 2025
Hot NewsLocal NewsPolitical News

සිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරු කර වසර 25 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ද එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.

ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

adaderana

Related posts

අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල්

IndusaraMedia

ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

යුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්

IndusaraMedia

සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

IndusaraMedia

මුතුගල සර් ඉල්ලා අස් වෙයි.!

IndusaraMedia

ජනාධිපති අරමුදලේ සියලු සේවා Online ක්‍රමයට

IndusaraMedia

Leave a Comment