23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ජනපති අනුර හෙට ජර්මනියට

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජූනි 11 සිට ජූනි 13 වන දා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වේ.

ඒ අනුව, ජනාධිපතිවරයා හෙට (ජූනි 10) පස්වරුවේ මෙරටින් පිටත් වීමට නියමිත ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ තවත් පිරිසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති අනුර දිසානායක විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

එමෙන් ම, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් ද හමුවීමට නියමිත අතර මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක් වේ.

By
 Anuradha Herath

Related posts

කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ

IndusaraMedia

යහපාලන යුගයේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධාන ලිපිගොනු අතුරුදහන් – අගමැතිනි…

IndusaraMedia

වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

IndusaraMedia

තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට

IndusaraMedia

හදිසි පරීක්‍ෂාවකින් එක බස් නැවතුමකින් බස් රථ 24ක් ධාවනයෙන් ඉවතට…

IndusaraMedia

අග්‍රාමාත්‍ය කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

IndusaraMedia

Leave a Comment