hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtrading

Category: Sport News

  • ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු

    ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු

    2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 

    ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

    එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි. 

    2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ. 

    ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

    ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ. 

     ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

    එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

    adaderana

  • චමරි අතපත්තුට දඩ

    චමරි අතපත්තුට දඩ

    අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් නියම කිරීමටත්, දඬුවම් ලකුණක් ලබාදීමටත් තරග තීරක මිෂෙල් පෙරෙයිරා මහත්මිය පියවර ගෙන ඇත. 

    ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර කොළඹදී පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඉකුත් සිකුරාදා (9 වැනිදා) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී සිදුවූ සිදුවීමක් මුල් කරගනිමින් චමරිට මෙම දඩ මුදල නියම කර තිබේ. 

    දකුණු අප්‍රිකානු ඉනිමේ 31 වැනි ඕවරයේදී චමරිගේ පන්දුවක් හමුවේ ඇනරී ඩාර්ක්සන් හතරේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුව චමරි, සිය අවු කණ්නාඩි යුගලය ගළවා කැබලිවලට කැඩී යන ලෙස පොලොවේ ගැසීම, ඉහත දඩ මුදල නියම කිරීමට සම්බන්ධ සිදුවීම ලෙස දක්වා තිබේ. 

    එහිදී චමරි විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ සහායක පිරිස් සඳහා වන අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති පද්ධතියේ 2.2 වගන්තිය උල්ලංඝනය කරනු ලැබ ඇති බවට අනාවරණය වී තිබේ. “ජාත්‍යන්තර තරගයක් අතරතුර ඇඳුම් පැළදුම්, ක්‍රීඩා උපකරණ හෝ ක්‍රීඩාංගණයේ සවිකර ඇකි උපාංග අනිසි ලෙස භාවිතා කිරීම හෝ ඊට හානි කිරීම” යන්න එම වගන්තියට ඇතුළත් වේ. 

    පිටියේ විනිසුරුවරියන් ලෙස කටයුතු කළ ඇනා හැරිස්, දේදුණු ද සිල්වා, තෙවැනි විනිසුරු ලින්ඩන් හැනිබල් සහ සිවුවැනි විනිසුරු නිමාලි පෙරේරා යන මහත්ම මහත්මීන් අදාල සිදුවීම සම්බන්ධයෙන් එම තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළ මිෂෙල් පෙරෙයිරා මහත්මිය වෙත චෝදනා ගොනු කර ඇත. 

    කෙසේ වුවත් අදාල සිදුවීමට සම්බන්ධයෙන් චමරි අතපත්තු වරද පිළිගෙන තිබීමත්, තරග තීරක මිෂෙල් පෙරෙයිරා මහත්මිය විසින් නියම කරන ලද දඬුවම භාරගෙන තිබීමත් හේතුවෙන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් හෝ කරුණු විමසීමක් සිදු නෙකෙරෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියි.  

    (ශානුක අරවින්ද) 

  • තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

    තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

    ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය.

    අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත් විය.

    ඉනිම ඔසවා තැබූ ස්මිත්‍රි මන්දනා පන්දු 101කට මුහුණදෙමින් ලකුණු 116ක් රැස්කළාය.

    ඇගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 15කින් සමත්විත විය.

    මෙහිදී ලකුණු 343ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 245ක් පමණි.

    ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 51ක් හා නිලක්ෂකා සිල්වා ලකුණු 48ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිඳු පිතිකාරිනියකට ඉනිම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩාකළ නොහැකි වුහ.

    ඉන්දියාව වෙනුවෙන් ස්නේ රානා (4/38) හා අමන්ජොත් කෞර් (3/54) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

    තරගයේ වීරවරිය ලෙස ශතක ඉනිමක් ක්‍රීඩාකළ ස්මිත්‍රි මන්දනා සම්මාන දිනාගත්තාය.

    තරගාවලියේ වීරවරිය ලෙස ස්නේ රානා සම්මාන දිනාගත්තාය. ඇය සමස්ත තරගාවලියේ දී කඩුලු 15ක් දවාගැනීමට සමත් වූවාය.

    ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගාවලිය පැවැත්විණි.

    සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තරග 4ක් බැගින් හිමිවිය.

    ඉන් තරග 3ක් ජයගත් ඉන්දියාවත්, තරග 2ක් ජයගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

    දකුණු අප්‍රිකාවට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.

  • 2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

    2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

    2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

    පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කණ්ඩායම් හයක් තරග කිරීමට නියමිත ය.

    ස්ත්‍රී පුරුෂභාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

    ඒ අනුව, සෑම කණ්ඩායමකට ම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

    මෙම ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14 වන දා සිට ජූලි 30 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

    මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණේ එක් වරක් පමණි. ඒ, 1900 වසරේ පැරීසියේදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය. එහි අවසන් තරගයේදී ප්‍රංශය පරදා මහා බ්‍රිතාන්‍යය ලකුණු 158ක ජයක් ලැබීමට සමත් විය.