DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසුව ඇත.

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.

ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments