IMF සිව්වැනි වාරිකය ගන්න ලයිට් බිල වැඩි කරන්න වෙනවා – රනිල් ගාල්ලේදී කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය ලබාගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පැවසීය.

එය මැයි හෝ ජුනි සිදුවිය හැකි බවත් මැයි 06 වැනිදාට පෙර සිදුනොවන බව නම් තමාට ප්‍රකාශ කළ හැකි බවත් ගාලු දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා තරග කරන එජාප අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල උළුවිටකේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

මෙවර මැයි දින උත්සවයක් පවත්වන්නේ නැහැ. පළාත් පාලන නියෝජිතයන් ගාල්ල, මහනුවර, කොළඹ මෙවැනි දැනුවත් කිරීම් සිදුකිරීමටත් මැයි 01 වැනිදා උදය වරුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට ගොස් එදින සවස 4.00ට ගම් මට්ටමින් රැස්වීම් පවත්වන්නටත් තීරණය කර තියෙනවා.

මේක ජනාධිපතිවරණයක් නොවෙයි. මේක ගමේ ඡන්දයක්. සියලුම පක්ෂ ගාලු මුවදොර පිටිය රැස්වීම් සඳහා ලබාගන්නේ නැති බවට එකඟ වී තිබෙනවා. එවැනි තත්ත්වයකයි ආණ්ඩුව ගාලුමුවදොර රැලිය පවත්වන්නේ. 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු නිසා මැයි 01 වැනිදා ගමේ පිරිස් කොළඹට ගේන්න අදහසක් නැහැ. අපේක්ෂකයෝ 7000ක් 25 දෙනා බැගින් ගෙනාවොත් ගාලුමුවදොරට වඩා පිරිසක් ගේන්න පුළුවන්.

මේ ඡන්දය ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයෝ තෝරන මැතිවරණයක්. මේ ඡන්දයෙන් මාලිමාවට වඩා වැඩි මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් තෝරාගන්න පිරිස අතරින් තමයි සභාපති, උප සභාපති තෝරා ගන්නේ. ඒ සඳහා තමයි අපි වැඩකටයුතු කරගෙන යන්නේ.

ඇමරිකාව බදු වැඩි කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කරන්න ඕනෑ. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මට කතා කළා. අවශ්‍ය සහායත් දෙන්නම් කිව්වා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පැමිණි පිරිසගේ වාර්තාව අනුව මේ ප්‍රහාරය සහරාන් ඇතුළු කල්ලියකගේ වැඩක් කිව්වා. මේ පිටුපස වෙනත් පිරිසක් නැහැ. අයි.එස්.අයි.එස්. කල්ලිය කරපු එකක් කිව්වා.

චමින්ද සිල්වා

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments