iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්

ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමග එය මිලදී ගැනීම සඳහා ඉන්දියාව තුළ දැඩි උද්යෝගයක් හට ගෙන තිබේ. 

එරට සියලුම Apple වෙළඳසැල් අද (19) උදෑසන 8.00ට ගැනුම්කරුවන් සඳහා විවෘත කර ඇති අතර එම වෙළෙඳසැල් ඉදිරිපිට පෙර දින සිටම දිගු පෝලිම් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පෝලිම්වල සිටි ඉන්දීය ජනතාව කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කර ගත නොහැකි මට්ටමකට ද පැමිණ ඇත.

කෙසේවෙතත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් ද යෙදවීමට සිදුවූ බව සඳහන් වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments