ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි

ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී සිරාජ් සහ සමීර් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන පරිදි, සැලැස්මේ කොටසක් ලෙස සිරාජ් නැමැති සැකකරු විසින් විජයනගර්වලින් පුපුරණ ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

හයිද්‍රාබාද්හි ප්‍රහාර සිදුකිරීම සඳහා ඔවුන්ට, සෞදි අරාබියේ සිටින ISIS කණ්ඩායමක් විසින් සැකකරුවන්ට උපදෙස් ලැබී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පසුගිය දා කාෂ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ත්‍රස්තවාදීන් සිටින බවට ලැබුණු තොරතුරු මත ආරක්ෂක අංශ ජම්මු සහ කාශ්මීරය ඇතුළු ප්‍රාන්ත කිහිපයක පුළුල් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ ලෝක රූ රැජින තරගාවලිය ද පැවැත්වේ.

මෙම ලෝක රූ රැජින තරගාවලිය සඳහා රටවල් 140ක් නියෝජනය කරමින් තරඟකාරියන් සහභාගීව සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනූධි ගුණසේකර ද සහභාගීව සිටියි.

එමෙන්ම ලෝක රූ රැජින -2025 අවසන් තරගය පැත්වීමට නියමිතව ඇත්තේ මැයි මස 31 වනදා හයිද්‍රාබාද් නගරයේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments