ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි.

මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ.

මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන්, නව නායකයාගේ මුහුණ තුවාල නිසා විකෘති වී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඔහුගේ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු තුවාල සිදුවී ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.

කෙසේ නමුත් මේ වනවිට 56 හැවිරිදි වියේ පසුවන මොජ්තබා, වීඩියෝ තාක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සම්බන්ධ වී යුද්ධය මෙහෙයවන බව වාර්තා වේ.

ඉරානය දශක ගණනාවක සිට බරපතළ අනතුරකට මුහුණ දී සිටින මොහොතක, නව කමේනිගේ මෙම සෞඛ්‍ය තත්ත්වය ඉරානයේ අනාගතය තවදුරටත් ප්‍රශ්න මතුකරනු ඇති බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත.

https://soundcloud.com/radioekaofficial/ceylon-times-1?si=55bc41ea5cd8406198751014759a7a79&utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments