ගම්බිම් බලා යන්න මාකුඹුරට හා පිටකොටුවට විශාල ජනතාවක්

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

ඒ හේතුවෙන් බස්රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.

එමෙන්ම පිටකොටුව බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර මධ්‍යම බස් නැවතුම්පොළෙහි ද ඊයේ රාත්‍රියේ සිටම දිගු පෝලිම් දැක ගත හැකි විය. 

මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය ගමන්වාර මේවනවිට ක්‍රියාත්මක වේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

”අපි අමතර බස් රථ ධාවනය සඳහා යොදවනවා… ඒ සඳහා සාමාන්‍ය ගාස්තු මෙන් එකහමාරක් අය කරනවා.. කෙටි සේවාවල ඒ කියන්නේ කොළඹ අවට හා තාදාසන්න ප්‍රදේශවල බස්වල යම් අඩුවක් තියේවි 11 සහ 12 දිනවල..”

එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ද ගම්බිම් බලා යන ජනතාවගෙන් පිරී ගොස් තිබුණි.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය හැර සෙසු දුම්රිය මාර්ග ඔස්සේ උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා,

”උදෑසන නගරාන්තර දුම්රියත්, රාත්‍රි තැපැල් දුම්රියත් යාපනය සහ කන්කසන්තුරේ දක්වා ගමන් කරනවා.. 10 වැනිදා සිට විශේෂ දුම්රියක් අනුරාධපුරයට ධාවනය කරනවා.. අලුත් අවුරුදු කාල සීමාවේ අවලංගු කිරීමකින් තොරව දුම්රිය ධාවනය කරන්න සැලසුම් කරලා තියෙනවා..”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments