අම්පිටියේ සුමනරතන හිමිට ඇප

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහරින ලෙස අම්පාර මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කර තිබේ.

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.‍

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

“ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දුන්නා. ඒ විශ්වාසය ඒ විදියටම මට ලැබුණා. මගේ ගෞරවය අධිකරණයට පුදකරනවා. ශ්‍රී ලංකා පොලීසිය කරපු මේ පහත් වැඩේ මේ රටේ තවත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්ට නොවේවා. මගේ දරුවෝ නෙමෙයි රටේ දරුවන්ට මෙහෙම අපරාධ කරන්න එපා කියලා මම ඉල්ලන්නේ…”

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments