අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කරනවා.
ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිද්ධියකින්” අනතුරුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇති අතර, ඊට “සතුරු ප්රහාරයක් හෝ මිත්ර පාර්ශ්වයකින් සිදුවූ ප්රහාරයක්” සම්බන්ධ නොවන බවයි හමුදාව පවසන්නේ.
