ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. අනුරත් ජෝක් එකට අරගෙන..

සියලු දේටම උත්තර දිය හැකි අය ආණ්ඩුවේ සිටින්නේ ඉතා සීමිත පිරිසක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් නාන්නේ තමන් ඇතුළු 15 දෙනෙකු පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

ඒ තමන් ඇතුළු එම පහළොස්දෙනා නිතර මාධ්‍යවලට මුහුණ දෙන නිසා බවද හෙතෙම කියා සිටි.

අද ජනාධිපති අනුර දිසානායක මහතාට විහිළුවකට ලක් කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතරින් සමාජ ජාලාවල සක්‍රීයව පෙනී සිටින්නේ තමන් සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පමණක් බවත් ඔහු පෙන්වා දේ.

එනිසා සමාජ ජාලාවලින් තමන්ට දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් ඇතැයි ද ඔහු කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

එම සාකච්චාවෙහි කොටසක් මෙසේ සමාජ මාධ්‍ය වර්තාකර තිබිණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments