ආදායම් බලපත්‍ර නැති වාහනවලට සහනයක්

ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ​ෙනාවීම හේතුවෙන් බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත.

රජයේ සේවාවන් රැසක්ම මෙම පද්ධතිය හරහා සිදුවන අතර එම පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්ව බිඳ වැටීමට ලක්වූයේ පසුගිය (10 වැනිදා) ය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවරුන් දින හතක් තිස්සේම මෙම පද්ධතිය යථාවත් කිරීමට උත්සහා දැරුවද ඊයේ වනතුරුම එම උත්සහායන් අසාර්ථක වී තිබුණි.

මෙම පද්ධතිය බිඳවැටීමත් සමග රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 හරහාම සිදුකරනු ලබන උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම්, බස්නාහිර හැර සෙසු පළාත් අටෙහිම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම්, විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවාවන්, පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීම් ඇතුළු සේවාවන් රැසක්ම අඩාළ වී ඇත.

මෙම තත්ත්වය රාජ්‍ය ආයතන අටකට දැඩිව බලපෑමක් එල්ල කර තිබෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, පසුගියදා කළ විමසුමකදී සඳහන් කළේය.

එෆ්. අස්ලම්

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments