ඉන්දියානු සාග‍රයේ භූ කම්පනයෙන් ලංකාවට අවදානමක් නෑ

අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි.

ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් විය.

එම භූකම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති අතර, කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බවය.

ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝමීටර් 260කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන ඇති අතර, එහි ප්‍රබලත්වය ලංකාවේ රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව ඇතැයි ද ඇය පැවසීය.

මෙම භූකම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ද මෙරට ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව දීපානි වීරකෝන් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments