ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට 

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළ සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්වය.

වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය වෙයි.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments