ඉන්දු – පාකිස්තාන අර්බුදය කැබිනට් මාධ්‍ය හමුවටත්

ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එමෙන්ම ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලන ගැටුම්වලට කිසිසේත්ම මැදිහත් නොවන බවද අමාත්‍යවරයා එහිදී සදහන් ක‍‍ළේය.

ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයේ දී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

එහෙත් ත්‍රස්තවාදය කිසිසේත් අනුමත නොකරන බව සහ අනුබල නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ගව්ලදී ලබාදිය හැකි සහයෝගය ඕනෑම අවස්ථාවක ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කලාපීය සාමය බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments