ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (17) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරට පැවසුවේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments