උතුරුමැද පලාත් සභා වාහන වෙන්දේසියෙන් කෝටි දොලහමාරක් හෙවුවා..- ආණ්ඩුකාර

උතුරු මැද පළත් සභාවට අයත් බව පැවසෙන සුඛෝපභෝගී වාහන වෙළඳපු වටිනාකමට වඩා අඩු වටිනාකමකට විකිණූ වූ බවට විවිධ පාශ්ව චෝදනා එල්ල කරමින් ඇත.

එසේ එල්ලවන චෝදනාවලට උතුරුමැද පළත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රතිචාර දැක්වීය.

එහිදී එම පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා මෙසේ අදහස් පල කලේය.

‘අපි වාහන වෙන්දේසියක් සිදු කරේ නැහැ. පුවත්පත් තුනක විවෘත ටන්ඩර් කැඳවීමක් ටෙන්ඩර් මණ්ඩලයකින් පරීක්ෂා කරලා තීරණයක් අරගෙන තියෙනවා. කොහොමද එම වාහන නිෂ්කාශනය කරන්නේ කියලා.

අපි ඒ ටෙන්ඩර් කැඳවීමට ප්‍රථමයෙන් රජයේ තක්ෂේරුවක් ලබාගත්තා විශේෂඥ මණ්ඩලය විසින් තක්ෂේරු කරන ලද මුදල අපි සතුව තිබුණා.

X5 වර්ගයේ මෝටර් රථය මේ මෝටර් රථය 2016 වර්ෂයේ නිෂ්පාදනය කරන රථයක්. පසුගිය අවුරුදු හතර පුරාවටම මෙය පලාත් සභාවේ තිබුණු බවට වාර්තා නැහැ. මේ පළ සභාවේ කිසි කෙනෙකු ප්‍රයෝජනයට ගත් බවක් හෝ එය භාවිතා කර බවට වාර්තා නෑ.

කෙසේ වෙතත් පසුගිය පරිපාලනය අවසන් වූ වහාම මෙම වාහනය මේ පරිශ්‍රයේ ගාල් කරලා තියෙනවා. කවුරු විසින් එතෙක් පාවිච්චි කරාද කියන එක මේ නිලධාරීන් දන්නේ නැහැ.

පසුගිය සැප්තැම්බර් මාසේ මෙම වාහනය ගාල් කරාට පස්සේ එය ඉතාමත්ම අබලන් තත්ත්වය තිබුණේ. අපි ඒක අලුත් වැඩියා කරලා භාවිතයට ගන්න උත්සාහ කරා.

නමුත් අපිට අවසානයේ උපදෙස් ලැබුණේ ටෙන්ඩර් කැඳවීමකින් නිෂ්කාශනය කිරීම සුදුසුයි කියලා.

ඒ BMW X5 රථය තක්සේරු වුනේ ලක්‍ෂ 198යි. අපි ප්‍රධානය කිරීමට තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 218කට.

ඒ අනුව එම X5 රතය සම්බන්ධයෙන් කියන කරුණු සම්පූර්ණ පදනම් විරහිත අසත්‍ය අභූත චෝදනා.

සියලු වාහන වල තක්සේරු වටිනාකම තියෙන්නේ ලක්ෂ 912යි. නමුත් අපි ටෙන්ඩර් අණුව ප්‍රධාන කිරීමට තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 1236කට.

ඒ ටෙන්ඩර් ප්‍රධානය කරලා තියෙන්නේ මේ පළතෙවත් අය නෙවෙයි මීගමු බදුල්ල වස්කඩුව ඒ වගේ පළත්වලයට තමයි ටෙන්ඩර් ප්‍රධානය කරලා තියෙන්නේ.

මේක පදනම විරහිත අභූත අසත්‍ය චෝදනාවක් නිසා ඒ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගැනීමට දැනටමත් අපි පියවර ගනිමින් සිටිනවා’

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments