ඌරන්ට කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

2024 ඔක්තෝබර් මස වාර්තා වූ අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් වන අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් ආරම්භ වී මේ වන විට සියලුම පළාත් වලට ව්‍යාප්තව ඇත. 

මෙම රෝගය හේතුවෙන් ආසාධිත ගොවි පොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව, සූකර ගොවිපොළ 1,594 ක රෝගය වාර්තා වී ඇති අතර ඌරන් 61,695 ක් මරණයට පත්ව තිබේ. එමෙන්ම, මෙම රෝගය වනාන්නතර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදානය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත. 

මේ වන විටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරසය පරිසරය තුළ සංසරණය වීම සහ රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සුකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්ව තිබේ. 

එබැවින්, සූකර කර්මාන්තය යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ගේ (සංවර්ධන පරිපාලන) සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජනයන්ගෙන් සමන්විතව කාර්යසාධක බලකායක් පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(අංජුල මහික වීරරත්න)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments