කතානායකට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්..

පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (ජූලි 8) දින ගැනීමට නියමිතය.

කතානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට හේතු වී ඇත්තේ ඔහුට හිමි වරප්‍රසාදවලට අමතරව වෙනත් පහසුකම් ලබා ගැනීම, ධූරයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ආණ්ඩු පක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා යි.

ඊයේ (ජූලි 7) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමකදීද කතානායකවරයා ලබාගෙන ඇති බව කියන ඇතැම් පහසුකම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විවේචනාත්මක අදහස් පළ කර ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ඇත.

විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙරද දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේදී කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දක්නට ලැබුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments