කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්

කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන්  පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයාට කළ දැනුම් දීමකට අනුව ඔහු අද (9) එම කොම්ෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව සිදු කරන  විමර්ශන වලට අනුව අමාළි රඹුක්වැල්ල මහත්මියගෙන්ද  ඉකුත්දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඊට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත්  රඹුක්වැල්ල මහතාද මෙම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ගයාන් සූරිය ආරච්චි)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments