කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න අයිතිය ඇත්තේ අපටයි.. අපි බලය පිහිටුවනවා..- නලින්ද

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එ් අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරයට තරඟ වැදි අපේක්ෂකයාගේ කොට්ඨාසයද පරාජයට පත් වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments