කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා විය.

ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්විය.

සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.

මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධාපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments