ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි

අද 05 උදෑසන 6.30 ට පමණ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මී.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

මොහු දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 19 වන ප්‍රවීන් නිශ්ශංක වන අතර ,නගර සභා පවිත්‍රතා සේවකයෙකු ලෙස කටයුතු කරයි .ඒ අනුව 5 උදෑසන තවත් කම්කරුවන් පිරිසක්සමග ගල්කිස්ස මාස්ටරයේ අත්සන් තබා තමාට නියමිත සිල්වෙස්ටර පාර පිරිසිදු කිරීමේ රාජකාරී අරඹා මාර්ගයේ ටික දුරක් යනවිට යතුරු පැදියකින් හෙල්මට් පැලැදි පුද්ගලයන් දෙදෙනකු එකවර මි.මී.9.වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩිතබා ගාලුපාර දෙසට පලාගොස් ඇතැයිද. තුවාලකරු ගාලුපාර දෙසට දිවගොස් වෙරළපාර අසල පදිකයේ වැටී සිට ඇති අතර, පොලීසිය හා අවට පිරිස් වහාම දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත පිටත් කර හරින ලැබ ඇත .

අනතුරුව උදෑසන 7.30 වනවිට ඔහු මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි .මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 19 ක්වන (විශ්ව ) ප්‍රවීන් නිශ්ශංක..නම් අයෙකූද වන බවත් පොලීසිය කියයි

දෙහිවල- එච්.එම්.ධර්මපාල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments