චතුරංගගේ රථයේ හැපී අයෙක් රෝහලේ…

බොරැල්ල, නන්දදාස කෝදාගොඩ මාවතේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ගමන් කරමින් තිබූ කැබ් රථය සහ ත්‍රිරෝද රථය ගැටීමෙනි. නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

බොරැල්ල පොලිසිය සඳහන් කරන්නේ, නන්දදාස කෝදාගොඩ මාවතේ කෙරී විද්‍යාලය ආසන්නයේදී ත්‍රිරෝද රථයේ ගැටීම සිදුව ඇති බවයි. අනතුරට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියැදුරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments