චාල්ස් රජුගේ අණින් ඇන්ඩෲ කුමරුගේ ‘කුමාරයා’ පදවිය ගැලවෙයි

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවය.

ඒ අනුව ‘කුමාරයා’ පදවිය අහිමි වූ ඇන්ඩෘෘ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදුවේ.

ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක එල්ල විය.

ඒ හේතුවෙන් මෙම මසදී යෝර්ක් හි ආදිපාද ධුරය හැරීමට ඔහු කටයුතු කළේය.

සිය තීරණය දැනුම්දෙමින් හෙතෙම පවසා සිටියේ, තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බවය.

එමෙන්ම පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෘෘ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීමත් ඔහුගේ ධුරය අත්හැරීමට තවත් හේතුවක් වී තිබුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments