චිකන්ගුන්‍යා හැඳුනොත් මේ ඖෂධ ගන්න එපා

චිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී.

එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ උණ සහ හන්දි වේදනාවට පැරසිටමෝල් පමණක් භාවිත කරන ලෙසත් ගර්භිනී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සහ වෙනත් නිදන් ගත රෝගවලින් පෙළෙන අය සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත්ය.

චිකුන්ගන්යා රෝගය පැතිරීම ආසාදිත Aedes aegypti සහ Aedes albopictus මදුරු දෂ්ටනයෙන් සිදුවන අතර ඩෙංගු රෝගය පැතිරීමද මෙම මදුරුවන් මගින් සිදුවීම විශේෂත්වයකි.

ඒ අනුව චිකුන්ගන්යා රෝගියෙකු එවැනි මදුරු දෂ්ටනයකට ලක් වීමෙන් අනතුරුව එම මදුරුවාම වෙනත් පුද්ගලයකු දෂ්ටනය කිරීමේදී වයිරසය ශරීරගතවීම සිදුවනු ඇත.

උදගතව ඇති තත්ත්වය තුළ යමෙකුට වමනය, විජලනය හෝ හන්දිපත් රුදාව දරුණු ලෙස පවතී නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර හැකි තාක් දියර වර්ග පානය කළ යුතුය. ඒ අනුව ජීවනීය හෝ ජලය නියමිත පරිදි ලබාදීමෙන් විජලනය වළක්වා ගත හැකිවනු ඇත.

නිදර්ශනී වික්‍රමසිංහ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments