චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබේ.

මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රෙක් පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.

සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ මැගලීන්ස් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව ඉන් මේ වන විට ඉවත් කිරීමට චිලී ජාතික ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර සේවාව පියවර ගෙන තිබේ.

ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය අනුව මෙම භූ කම්පන තත්ත්වය එරට වේලාවෙන් අද උදෑසන 9.00ට ආසන්න වේලාවේදී සිදුව ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments